තත්වය ඉතාම දරුණුයි.. සාමාන්‍ය රෝගීන්ගේ වාට්ටු හා ICU කොරෝනා රෝගීන්ට දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියළු රෝහල්වලට දැනුම් දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 30, 2021

තත්වය ඉතාම දරුණුයි.. සාමාන්‍ය රෝගීන්ගේ වාට්ටු හා ICU කොරෝනා රෝගීන්ට දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියළු රෝහල්වලට දැනුම් දේ !

වේගයෙන් ඉහළ යමින් ඇති කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක සහ වාට්ටු යොදා ගන්නා ලෙස සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ආසාදිතයන් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එම උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පරිශ්‍රද අතරමැදි රෝහල් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කරමින් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad