රට පුරාම කොරෝනා උප පොකුරු - සිදු කල PCR පරීක්‍ෂණවලින් 8%ක් ආසාදිතයන් - සෑම දිස්ත්‍රික්කවලම අතර මැදි රෝහල් | Hot news on COVID-19 situation in Sri Lanka - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 29, 2021

රට පුරාම කොරෝනා උප පොකුරු - සිදු කල PCR පරීක්‍ෂණවලින් 8%ක් ආසාදිතයන් - සෑම දිස්ත්‍රික්කවලම අතර මැදි රෝහල් | Hot news on COVID-19 situation in Sri Lanka


ඊයේ (29) වන විට මෙරට සිදුකරන PCR පරීක්ෂණ වලින් 8%ක් කොරෝනා ආසාදිතයන් හමු වන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
මීට පෙර සිදුකළ පරීක්ෂණවලදී එම ප්‍රමාණය වාර්තා වූයේ 3%ක් පමණ අගයක බවත් ඇය සඳහන් කළාය.

මෙතරම් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ දින දහයක් වැනි කෙටි කාලයකින් යැයිද කී ඇය ඉදිරියේදී තවදුරටත් එම ප්‍රතිශතය වර්ධනය විය හැකි බවද කියා සිටියාය.

අද වන විට රට පුරාම කොරෝනා අනු පොකුරු නිර්මාණය වෙමින් ඇති බවත් එනිසා සෑම දිස්ත්‍රික්කවලම අතර මැදි රෝහල් ස්ථාපිත කර දිස්ත්‍රික්කය තුළ ම රෝගීන් කළමනාකරණය කරගැනීමට පහසුකම් ආරම්භ කර ඇතැයි ද ඇය පැවසුවාය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad