රටේම මිනිස්සුන්ගෙ කෑමවල ප්‍රමිතිය ගැනයි මං කතා කළේ. ලැජ්ජයි ආණ්ඩුව ගැන ! - අසේල සම්පත් - (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 14, 2021

රටේම මිනිස්සුන්ගෙ කෑමවල ප්‍රමිතිය ගැනයි මං කතා කළේ. ලැජ්ජයි ආණ්ඩුව ගැන ! - අසේල සම්පත් - (VIDEO)

සමස්ත රටේම ජනතාවගේ ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කතා කළ තමන්ව අත් අඩංගුවට ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණු අතර මේ වනවිට එය ක්‍රියාත්මක වී ඇති බවත් මෙය ආණ්ඩුවේ ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි. 

"මගෙ දරුවො ටික ආරක්ෂා කරගන්න, මං ගිහිල්ලා එනකල්. මං මේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කළ මිනිහෙක්. මේ රටේ පාසල්වල මත්ද්‍රව්‍ය, පොලිසියෙ කෑම එක, මේ ජේලර් මහත්තුරුන්ගෙ කෑම එක, කෑමවල ප්‍රමිතිය ගැන මං කතා කළේ. 

ඒ නිසා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කිව්වා වරෙන්තුවක් අරන් මාව අත් අඩංගුවට ගන්නවා කියලා. ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. බන්දුලද මේ රටේ පොලිස් ඇමති ? එහෙම නැත්නම් සරත් වීරසේකරද ? ලැජ්ජයි ආණ්ඩුව ගැන, කියන්න තියෙන්නෙ එච්චරයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අසේල සම්පත් මහතාව අප්‍රේල් 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියම කළ අතර ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථය කරා රැගෙන යද්දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඔහු නැවත නැවතත් එහිදී පැවසුවේ තම දරුවන් හතර දෙනා ආරක්ෂා කරගන්නා ලෙසයි. 

No comments:

Post a Comment

Post Bottom Ad