ජනපතිගෙන් සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 1, 2021

ජනපතිගෙන් සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක්

සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ආරම්භ විය.
වැඩසටහන සනිටුහන් කරමින් ජනාධිපතිතුමා ඊයේ පෙරවරුවේ මිරිහාන සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැළයක්  රෝපණය කළේය.

නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැළ බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැළ බෙදා දීම සිදු කෙරේ.

ගුණාත්මක බවින්  ඉහළ පැළ සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් මගින් ලබාගත හැකිය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර,  වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad