නාමල් කැඳවූ රැස්වීමේදී ඇමැති විමලවීරගෙන් දැඩි වාග් ප්‍රහාරයක්! සහයට තවත් ඇමැතිවරු ඇවිත්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 3, 2021

නාමල් කැඳවූ රැස්වීමේදී ඇමැති විමලවීරගෙන් දැඩි වාග් ප්‍රහාරයක්! සහයට තවත් ඇමැතිවරු ඇවිත්!

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කොරෝනා මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වී තිබේ.

මෙහිදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කර ඇතැයි වාර්තා වේ. 

එම රැස්වීමේදී වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා උස් හඩින් යුතුව අදහස් දක්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

එහිදී විමලවීර රාජ්‍ය අමාත්‍යවරයා දැඩි විවේචනයකින් අදහස් දක්වා ඇති අතර විශේෂයෙන්ම රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය දැඩි විවේචනයට ලක්ව ඇත.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් විමලවීර රාජ්‍ය අමාත්‍යවරයා විවේචනාත්මකව අදහස් දක්වද්දී නාමල් රාජපක්ෂ මහතා එය සාවධානව අසා සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. 

විමලවීර රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව තවත් මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම පොහොර තහනම් කිරීමේ තීන්දුව විවේචනය කරමින් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad