ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.
කොළඹ කොටුව, ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයේදී ආගමික වතාවන්ට මුල්තැන දෙමින් නව ධූරයන්හි රාජකාරී භාර ගැනීම සිදු කෙරුණු අතර පවතින තත්ත්වය හමුවේ සීමිත පිරිසක් ඊට එක්ව සිටියහ.
මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක යන මහත්වරු, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීහූ ඇතුළු කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක් වූහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:
Post a Comment