කොලොන්නාවේ එජාප මන්ත්‍රීවරුන් දෙන්නෙක් කිලෝ 2220ක යකඩ ගේමක් ගහලා? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

කොලොන්නාවේ එජාප මන්ත්‍රීවරුන් දෙන්නෙක් කිලෝ 2220ක යකඩ ගේමක් ගහලා?

කොලොන්නාවේ වී ගබඩාවක තිබී යකඩ කිලෝ 2220ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ‌කොලොන්නාව නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ‌චෝදනා එල්ල වී ඇති බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

සුදත් සේනක සහ ජනක නාමුල්ල යනුවෙන් හදුනාගෙන ඇති මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා දැනට සැගව සිටින බවද පොලිසිය පවසයි.

වී ගබඩාවක් සැදීම සදහා ගෙනැවිත් තිබූ මෙම යකඩ තොගයෙන් යම් ප්‍රමාණයක් මේ වනවිට බෝපිටිය ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති බවද පොලිසිය පවසයි.

මෙහි වැඩිදුර පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක යටතේ පැවැත්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad