මන්ත්‍රීවරුන්ට ගේන්න හදන PRADO එකක් ලක්ෂ 450 යි… V8 එකක් ලක්ෂ 600යි - වාහන සංගම් සභාපති හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

මන්ත්‍රීවරුන්ට ගේන්න හදන PRADO එකක් ලක්ෂ 450 යි… V8 එකක් ලක්ෂ 600යි - වාහන සංගම් සභාපති හෙලි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් වෙනුවෙන් ඇනවුම් කරන ලද ප්‍රාඩෝ ජීප් රථයක මිල මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 450 ක් පමණ වන බවත්, අති සුඛෝපභෝගී V8 රථයක මිල රුපියල් ලක්ෂ 600 ක් පමණත් වන බවත් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරයි.

රටේ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වී තිබෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ලැජ්ජා විය යුතු බවත් මෙරට දේශපාලනඥයින්ට සහ නිළධාරීන්ට ජනතාවගේ දුක නොදැනෙන බවත් ඔහු පවසයි.

මෙම වාහන තොගය වෙනුවෙන් විවෘත කර තිබෙන ණයවර ලිපි අවලංගු කිරීමට අපහසු යැයි ඇතැම් දේශපාලනඥයින් කිව්වද එම ණයවර ලිපි ඉතාමත් පහසුවෙන් අවලංගු කළ හැකියැයි ඔහු කියයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad