සැප්තැම්බරයේ සිට සතියකට රුසියානු සංචාරකයන් 1000 ක් ගෙන ඒමට උදයංග පොරොන්දු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

සැප්තැම්බරයේ සිට සතියකට රුසියානු සංචාරකයන් 1000 ක් ගෙන ඒමට උදයංග පොරොන්දු වෙයි

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට, මසකට රුසියානු සංචාරකයන් දහස බැගින් ගෙන ඒමට, හිටපු රුසියානු තානාපති, උදයංග වීරතුංග පොරොන්දු වී තිබේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක්, ජූලි තිස්වනදා මොස්කව් බලා පියාසර කරන අතර, එම ගුවන් යානය, නැවත අගෝස්තු පළමු වන දා, රුසියානු සංචාරකයන් ද සමගින් දිවයිනට පැමිණීමට නියමිත ය.

සැප්තැම්බර් මාසයේ සිට, සතිපතා, මොස්කව් සිට මෙරටට ගුවන් ගමන්වාර හතරක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඒ අනුව, එක් සතියක දී රුසියානු සංචාරකයන් දහසක් මෙරටට පැමිණීම අපේක්ෂා කරන බව උදයංග වීරතුංග පවසයි.

-headlinenews


No comments:

Post a Comment

Post Bottom Ad