ජනපති පත්කල රක්‍ෂණ සභාපති පාරේ.. අස්කල ජගත් වැල්ලවත්ත තවමත් බලෙන් සභාපති පුටුවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

ජනපති පත්කල රක්‍ෂණ සභාපති පාරේ.. අස්කල ජගත් වැල්ලවත්ත තවමත් බලෙන් සභාපති පුටුවේ !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලද ජගත් වැල්ලවත්ත මහතා තවදුරටත් එහි සභාපති ධූරයේ කටයුතු කරමින් සිටීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. ඔහු ධුරයෙන් ඉවත් කරන ලද බව දැනුම් දී අධ්‍යක්ෂ මණ්ඩල හමු පවා කැඳවා ඇති බව වාර්තා වී ඇත.

මහා භාණ්ඩාගාරය වෙනුවෙන් රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවලට සහභාගී වන නියෝජිතයන් දෙදෙනා විසින් පවසා ඇත්තේ ධුරයෙන් ඉවත් කරන ලද නිසා ඔහු එම ධුරයේ රැඳී සිටීම හා අධ්‍යාක්‍ෂ මණ්ඩල රැස්වීම් කැදවීම නීති විරෝධී බවයි.

අවසන් වතාවට පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවූ විනාඩි විස්සකට පමණ කාලයකට සීමා වී තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද විජිත හේරත් මහතා තම ධුරයේ රාජකාරි ආරම්භ කිරීම සඳහා මෙම මතබේදාත්මක තත්වය අවසන් වන තුරු බලා සිටියි.

වැල්ලවත් මහතා තවදුරටත් ඉවත් කල ධුරයේ රැඳී සිටින්නේ නම් රජයේ දේපලක් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ඔහුට කටයුතු සිදු කිරීමට සූදානමක ඇති බවද වාර්තා වේ.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගිය 19 වැනිදා රක්‍ෂණ සංස්ථා සභාපති ලෙස විජිත හේරත් මහතා පත් කරන ලදී.

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad