නැන්දනියටත් කට වැරදේ.. රියදුරුගේ සාක්‍ෂියෙන් හෙලිවෙයි.. භූමිතෙල් හා ලයිටරය මහ රහසක් සගවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

නැන්දනියටත් කට වැරදේ.. රියදුරුගේ සාක්‍ෂියෙන් හෙලිවෙයි.. භූමිතෙල් හා ලයිටරය මහ රහසක් සගවයි

රිෂාඩ් බදුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි බාලවයස්කාර මෙහෙකාරිය ගින්නට හසුවී ඇත්තේ භූමිතෙල් කර ගැනීමෙන්ද කිසිවෙකු ඇයට භූමිතෙල් පත්කිරීමෙන්දැයි සැකයක් පරීක්ෂණ කණ්ඩායම්වලට ඇතිවී තිබේ. ඒ අනුව එම නිවසට භූමිතෙල් ගෙනා පුද්ගලයා මුලින්ම හඳුනා ගැනීමට පරීක්ෂණ කරමින් සිටි.

එම පුද්ගලයා හඳුනා ගතහොත් භූමිතෙල් නිවසට ගෙනාවෙ කුමන හේතුවකටද යන්න විමර්ශන වලට බෙහෙවින් ඉවහල් වන බව පරීක්ෂණ නිලධාරියෙක් සඳහන් කළේය.

බදුදීන් මන්ත්‍රීවරයාගේ නැන්දනිය විසින් විමර්ශනවලදී කරුණු හෙළිකර ඇත්තේ නිවසේ සේවය කරන රියදුරු ලවා භූමිතෙල් ගෙන්වා ගත් බවයි.

නමුත් රියදුරාගෙන් ප්‍රශ්න කළ විට නිලධාරීන්ට ඔහු පවසා ඇති තමන් කිසිවිටකත් ඇමතිවරයාගේ නිවසට භූමිතෙල් ගෙනැවිත් නැති බවය.

එමෙන්ම සේවිකාවගේ කාමරයේ තිබී සොයාගත් ලයිටරයේ එක හිමිකරු කවුද එය මෙහෙකාරියගේ කොට්ටය අසලට පැමිණියේ යන කෙසේද යන්නත් විමර්ශන නිලධාරීන් දැඩිව අවධානය යොමු කර ඇත.

නිවසේ තවත් සේවිකාවක් සිය ප්‍රකාශයේදී සඳහන් කර ඇත්තේ ඇමතිවරයාගේ නිවසේ කිසිදු දිනයක භූමිතෙල් හෝ ලයිටරයක් පාවිච්චියට නොගත් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad