උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් අත්අඩංගුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 25, 2021

උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් අත්අඩංගුවට !

ටෙලි නාට්‍ය නිළියක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය (පබා) මහනුවර ප්‍රදේශයේදී  රිය අනතුරක් සිදු කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි පෙරේදා (24) රාත්‍රී වාර්තා විය.

පසුගිය සෙනසුරාදා (24) රාත්‍රී 11 ට පමණ මහනුවර සිට කුරුණෑගල දෙසට ඇය පදවමින් සිටි මෝටර් රතයේ යතුරු පැදියක් ගැටී ඇති අතර අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන්නට සිදුවිය.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී අනතුර සිදුව ඇත්තේ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ යතුරු පැදිය හා මුහුණට මුහුණ ගැටෙමිනි.

සිද්ධියෙන් පසු කටුගස්තොට පොලීසිය මගින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

බීමතින් සිට ඇද්දැයි ස්වසන පරීක්ෂණයට ලක් කළත් එය සෘණාත්මක වූ බව පොලිසිය කියයි.

ඇයව අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මීට කලකට ඉහත බීමතින් මාධ්‍ය ප්‍රධානියෙකුට බැණවැදීමේ සිද්ධියක් නිසා කථාබහට ලක්වූ අතර ඇය එසේ බැණවදින හඩ පටයක්ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.


No comments:

Post a Comment

Post Bottom Ad