රන්ජන්ට ජනපති සමාව ඉල්ලා කලාකරුවෝ මාධ්‍ය හමුවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

රන්ජන්ට ජනපති සමාව ඉල්ලා කලාකරුවෝ මාධ්‍ය හමුවක

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් කලාකරුවෝ පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ.

රන්ජන් රාමනායක මහතා සමාජ සාධාරණත්වය වෙනුවෙන් අයුක්තියට එරෙහිව විශාල හඬක් නැගූ බවත් එය සැලකිල්ලට ගනිමින් රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරන බවත් කලාකරුවෝ පැවැසූහ.

ප‍්‍රවීණ කලාකරුවන් වන ජීවන් කුමාරතුංග, උදයකාන්ත වර්ණකුලසූරිය, දිල්හානි අශෝකමාලා, අර්ජුන් කමලනාත්, සුරංග ද අල්විස්, බුද්ධික ජයරත්න, නදීකා ගුණසේකර, සුනිස් ටී ප‍්‍රනාන්දු, ජනිත් වික‍්‍රමගේ සරත් ද අල්විස් යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ පිරිසක් එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad