ඉඩම් ඇමති නාමල් එක්ක ඔලිම්පික් ගියේ ඉඩම් ක්‍රීඩාවක් තියනවද?...අදාල නැති ඇමතිවරු තිදෙනෙක් ක්‍රීඩා ඇමති සමඟ ඔලිම්පික් ගිහින් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

ඉඩම් ඇමති නාමල් එක්ක ඔලිම්පික් ගියේ ඉඩම් ක්‍රීඩාවක් තියනවද?...අදාල නැති ඇමතිවරු තිදෙනෙක් ක්‍රීඩා ඇමති සමඟ ඔලිම්පික් ගිහින් - (video)

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ගොස් ඇත්තේ අනුග්‍රාහකයන්ගෙන් ලබාගත් මුදල්වලින් මිස රජයේ මුදල්වලින් නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (27) පැවසීය.

ඒ හේතුවෙන් මෙම සංචාරය නිසා රජයට හෝ භාණ්ඩාගාරයට වැඩි බලපෑමක් වී නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ජපානයේ මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සමඟ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, විසිතුරු මසුන්, මිරිදිය මතස්‍ය සහ ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු ද ගොස් සිටිති. ‘අනිසි වියදම් සීමා කරන ලෙස මුදල් අමාත්‍යවරයා අමාත්‍යාංශ හා රජයේ ආයතනවලින් ඉල්ලීමක් කර තිබියදීත් ඔලිම්පික්වලට ඇමතිවරු 4ක් ගොස් තිබෙනවා. ක්‍රීඩා විෂයට සම්බන්ධයක් නැති රාජ්‍ය ඇමතිවරුන් ද මෙවැනි අවස්ථාවක මේ සඳහා ගොස් සිටීම අනවශ්‍ය වියදමක් නොවේද?’ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියා ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ එම ගමන සඳහා ඔවුන්ට රාජ්‍ය නොවන පෞද්ගලික අංශ ගණනාවක් අනුග්‍රහය දක්වා ඇති බවයි.

ඒ ගමන් වියදම් අනුග්‍රාහකයින්ගෙන් ලැබුණු නිසා රජයට හෝ මහා භාණ්ඩාගාරයට ඉන් දැවැන්ත බලපෑමක් වී නැතැයි ද ඇමතිවරයා කීවේය.


No comments:

Post a Comment

Post Bottom Ad