කිලී මහරාජා කොරෝනාවෙන් මිය යයි.. අවසන් කටයුතු අදම.. ඔහු එන්නත් මාත‍්‍රා දෙකම ගත් අයෙක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

කිලී මහරාජා කොරෝනාවෙන් මිය යයි.. අවසන් කටයුතු අදම.. ඔහු එන්නත් මාත‍්‍රා දෙකම ගත් අයෙක්..

කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද‍්‍ර රාජ් මහේන්ද‍්‍රන් නොහොත් කිලී මහරාජා අභාවප්‍රාප්ත වීතිබේ. කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය.

ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී.

ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් වුවද වෛරසය දැඩි ලෙස ඔහුගේ පෙනහලු වලට බලපෑම හේතුවෙන් මියගොස් සිටි ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා ආසාදනයෙන් මිය ගිය හේතුවෙන් දේහය පිලිබද අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දිනයේම සිදු කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad