සියදිවි නසා ගැනීමක් යයි දැරිය වෙනුවෙන් සාක්‍ෂි දී ඇත්තේ වෙන අයෙක්… සියදිවි නසා ගැනීමක් යයි සක්‍ෂි නෑ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

සියදිවි නසා ගැනීමක් යයි දැරිය වෙනුවෙන් සාක්‍ෂි දී ඇත්තේ වෙන අයෙක්… සියදිවි නසා ගැනීමක් යයි සක්‍ෂි නෑ…

රිෂාඩ් බදුයිදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය බාල වයස්කාර දැරිය සියදිවි නසා ගැනීමක් වූ බවට පැහැදිලි සාක්ෂි නැතැයි ජාතික ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපති මුදිත විදානපතිරණ මහතා සඳහන් කරන්නේ දැරිය අදාල සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂියක් ලබා දී නැති බවත් ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකු සාක්ෂි ලබාදුන් බවට වෛද්‍යවරුන් විසින් ම සඳහන් කර ඇති බවත්ය.

එනිසා මෙය සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න විශේෂඥයන්ගේ සාක්ෂි මත තීරණය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad