ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතාවලියට රට යන්න ඩොලර් නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 27, 2021

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතාවලියට රට යන්න ඩොලර් නෑ!

රට තුළ ඇති ව තිබෙන ඇමරිකානු ඩොලර් හිගය නිසා ලෝක මල්ලව පොර ශූරතාවලියට සහභාගිවීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ ගාස්තු ගෙවා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

ඔවුන්ගේ සංචාරයට අවශ්‍ය මුදල් මේ වන විටත් ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ ගිණුමට බැර වී තිබේ.

නමුත් එය ඇමරිකානු ඩොලර් ලෙසින් තරග සංවිධායකයන් ගිණුමට යොමු කළ යුතුව ඇතත් මෙරට අදාල බැංකුව දන්වා ඇත්තේ ඔක්තෝම්බර් පළවෙනිදා වන තෙක් එය ඉටු කිරීමේ අපහසුතා පැන නැගී ඇති බවයි.

ඊට හේතු වී ඇත්තේ දැනට රට තුළ පවතින විදේශ විනිමය හිගතාවයයි.

ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් පන්දහස් පන්සීයක් ලෝක සම්මේලනයට ගෙවිය යුතුව ඇති අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 12ක් පමණ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළඟා වීමට පෙර මේ මුදල ඔවුන් වෙත යොමු කළ යුතු අතර එසේ කළ නොහැකි වුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට සහභාගි වීමේ දී ගැටලු පැන නැගිය හැකි බව ශ‍්‍රි ලංකා මල්ලව පොර සම්මේලනය සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad