ඩඩ්ලිලා දණ ගස්වන හැටි අපි දන්නවා.. ඒක ලගදිම බලාගන්න පුළුවනි..- ජොන්ස්ටන්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

ඩඩ්ලිලා දණ ගස්වන හැටි අපි දන්නවා.. ඒක ලගදිම බලාගන්න පුළුවනි..- ජොන්ස්ටන්…

ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පැවැත් වූ පමණින් අමාත්‍යවරුන් දණ ගැස්වීමට නොහැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මාෆියාකරුවන් දණගස්වන ආකාරයක් ආණ්ඩුව හොදින් දන්නා බවද ඉදිරියේ දී සහල් මාෆියාකරුවන් දණ ගසන ආකාරය රටටම දැකගත හැකි වනු ඇතැයිද ඒ මහතා පැවැසීය.

කෙසේ වෙතත් සහල් මෝල් හිමියන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සහල් මිල ගණන් ප්‍රකාශ කිරීම ඉතා හොඳ දෙයක් බවද පැවසූ ඔහු සහල් මාෆියාකරුවන් කවුරුන්දැයි දැන් රටම දන්නා බවද කියා සිටියේය.

ආණ්ඩුව පසුගිය කාලයේ දී සහල් මාෆියාකරුවන් ගැන කතා කළ ද මාෆියාකරුවන්ම මාධ්‍ය ඉදිරියට පැමිණ ඒ බව රටට තහවුරු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad