අපි අතිනුත් වැරදි අඩුපාඩු සිද්ධ වුණා. අපි සූදානම් වෙලා හිටියා නම් අලුත් අවුරුදු පොකුරක් නෑ - කෙහෙළිය (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

අපි අතිනුත් වැරදි අඩුපාඩු සිද්ධ වුණා. අපි සූදානම් වෙලා හිටියා නම් අලුත් අවුරුදු පොකුරක් නෑ - කෙහෙළිය (video)

කොවිඩ් පාලනයේදී රජයේ පාර්ශ්වයෙනුත් ඇතැම් වැරදි අඩුපාඩු සිදුවුණු බවත් තමන් සූදානම්ව සිටියේ නම් ඇතැම්විට අලුත් අවුරුදු පොකුරක් ඇති නොවී වළක්වා ගැනීමට තිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

"අපි අතින් වැරදි අඩුපාඩුත් සිද්ධ වුණා. සමහරක්විට අපට සිංහල අවුරුදු පොකුර කියලා එකක් නිර්මාණය වෙන්නෙ නෑ අපි සූදානම් වෙලා හිටියා නම්. 

හතළිස් තුන් දවසක් වෙනවා පළවෙනිදා හතර වෙනකොට මේ අපි කොරෝනා වසංගතයත් එක්ක ඇඳිරි නීතිය, එහෙම නැත්නම් කොරෝනා ඇඳිරි නීතිය, පෙළක් අය කියනවා හයිබ්‍රිඩ් ඇඳිරි නීතියක් කියලා. අපට අර සුපුරුදු හදිසි නීතියට නැත්නම් ඇඳිරි නීතියට බාහිරව තමයි ඊට පිටස්තරව තමයි මේ දේ කළේ අපි. අපි බලාපොරොත්තු වෙනවා පළවෙනිදා උදේ හතරට මෙය නිදහස් කළාට පසුව යම් යම් සීමාවන් තාමත් අපට යොදන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අන්තර් පළාත් ප්‍රවාහන සේවය, විශේෂයෙන්ම දුම්රිය තව සති දෙකක කාලයක් තුළ අපි මේක විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අනෙකුත් සියලුම දාන සීමාවන් ලබන සති දෙකට සීමා කරලා තියෙනවා. ඒ සති දෙක ඇතුළත එන ව්‍යාප්තියන් සහ ඒ සති දෙක ඇතුළත වෙන ක්‍රමවේදයන් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඊට පසුව තවදුරටත් මේ සම්බන්ධව යම්කිසි විදිහේ නිදහස් කිරීම් ඇතිකරන්න" 

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad