වාහන ආනයන සීමා ඉවත් කරන බව බැංකු අධිපති කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 25, 2021

වාහන ආනයන සීමා ඉවත් කරන බව බැංකු අධිපති කියයි..

විදේශ විනිමය මෙරටට ගලා ඒම සිදු වන ආකාරය සලකා බැලීමෙන් වාහන ආනයන තහනම පිළිබඳ සලකා බැලිය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. වාහන ආනයනය පමණක් නොව දැනට ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉදිරි කාලයේදී විදේශීය විනිමය ආදායම් අනුව තුලනය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

ශ්‍රී ලංකාව දැනට සාර්ථක ලෙස කොරේනා එන්නත් කරණයේ යෙදෙන නිසා ඉක්මනින් සංචාරක ව්‍යාපාරය නැවතත් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් අපනයනය මූලික වූ කර්මාන්ත ද සුපුරුදු රිද්මයෙන් ගමන් කිරීමට හැකි වනු ඇති බවත් තම විශ්වාසය බව ද පැවසූ ඔහු එමගින් නැවතත් රට විදේශීය විනිමය ගලා එනු ඇතැයිද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad