පාස්කු ප‍්‍රහාරයේ චූදිතයන්ට නඩු නොදැම්මොත් අපි අත දානවා - කතෝලික සභාව යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

පාස්කු ප‍්‍රහාරයේ චූදිතයන්ට නඩු නොදැම්මොත් අපි අත දානවා - කතෝලික සභාව යයි

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු නොකළහොත් කතෝලික සභාව ලෙස නඩු පැවරීමට හැකි දැයි සොයා බලමින් සිටින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරති.

මෙම ප්‍රහාරයේ වගකිව යුත්තන් සොයා ගැනීමට කතෝලික සභාව ගෙන යන අරගලය මුළු මහත් රට වෙනුවෙන් කරන දෙයක් බවත් කොපමණ කල් ගත වුවත් කොපමණ මිලක් ගෙවන්නට වුවත් එය අරගලය අත් නොහරින බවද එතුමන් කියා සිටියහ.

මෙම අරගලයේ දී ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී හා විද්‍යානුකූලව කටයුතු කරන බව ද එතුමන් කියා සිටියේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් නඩු පවරන නැතිනම් කොමිසන් සභා වාර්තාව සහ පාර්ලිමේන්තු විවාදයේ හැන්සාඩ් වාර්තාවල ඇති කරුණු අනුව කතෝලික සභාව ලෙස නඩු පැවරිය හැකි දැයි නීති විශාරදයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එතුමන් තවදුරටත් එහිදී කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad