'ඉන්දියාවේ ගොවීන් පාරට බැස්සූ' අදානි සමාගමට කොළඹ වරායේ බටහිර පර්යන්තයේ වැඩි අයිතිය පවරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

'ඉන්දියාවේ ගොවීන් පාරට බැස්සූ' අදානි සමාගමට කොළඹ වරායේ බටහිර පර්යන්තයේ වැඩි අයිතිය පවරයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට අද (සැප්. 30) පෙරවරුවේ කොළඹදී අත්සන් තැබිණි.

වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයා සහ අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකු මෙම ගිවිසුමට අත්සන් කර ඇත.

ඒ අනුව, වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට නියමිත ය.

මේ අතර, සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගම ද අද බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් කර තිබේ.

ඒ අනුව, කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමටත්, සියයට 34ක් ජෝන් කීල්ස් සමාගමටත්, සියයට 15ක් වරාය අධිකාරියත් හිමිවේ.


No comments:

Post a Comment

Post Bottom Ad