ප්‍රභාකරන් ‘අතිගරු’ කරමින් යළි උපද්දවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

ප්‍රභාකරන් ‘අතිගරු’ කරමින් යළි උපද්දවයි!

කොටි නායක වේලු පිල්ලෙයි ප්‍රභාකරන්ගේ ජීවිතයේ මුල් අවදිය හා ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කරමින් නිර්මාණය කළ ‘‘මෙතාගු” ද්‍රවිඩ චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.

ශ්‍රී ලංකා රජය කාම්බෝජ රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇත.

‘‘මෙතාගු” චිත්‍රපටය සියළුම ආකාරයේ රූපවාහිනී හා කේබල් ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙස කාම්බෝජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශය, නිත්‍ය රාජ්‍ය ලේකම්වරයා හරහා, රූපවාහිනී නාලිකා ප්‍රධානීන්ට ලිපියකින් දැනුම් දී ඇති බව කාම්බෝජයේ නිව්ස් ඉංග්‍රීසි පුවත් සේවය වාර්තා කර ඇත.
කිට්ටු ගේ අධ්‍යක්ෂණයක් වන ‘මෙතාගු‘ යන්නෙහි සිංහල තේරුම ‘අතිගරු‘ යන්නයි. මෙය දේශපාලන ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර දෙමළ ඊළාම් චිත්‍රපට සමාජය විසින් එළිදික්වා ඇත.

මීට පෙරද අවස්ථා කීපයකදීම නීතිමය කාරනා පදනම් කරගෙන චිත්‍රපටිය ප්‍රදර්ශනයට බාදා පැමිණුනු ද 2021 ජුනි 25 දින ඩිජිටල් පිටපත නිකුත් කරගැනීමට හැකි වී තිබේ.

1990 දශකයේ මැද භාගයේදී දෙමළ කොටි සාමාජිකයින් කාම්බෝජයෙන් අවි ආයුධ මිලදී ගන්නා බවට විවිධ වාර්තා සහ චෝදනා ද එල්ල විය.


No comments:

Post a Comment

Post Bottom Ad