‘ප්‍රහාර’ කතාවට ඥානසාර හිමිගෙන් ප්‍රකාශ නොගන්න තීන්දුවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

‘ප්‍රහාර’ කතාවට ඥානසාර හිමිගෙන් ප්‍රකාශ නොගන්න තීන්දුවක්!

ඕනෑම වෙලාවක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කැදවා ප්‍රකාශයක් සටහන් කර නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත.

එහි ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් අගත් අල්විස් මහතා මාධ්‍ය වෙත සදහන් කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් ‌පොලිසිය මගින් ප්‍රකාශයක් සටහන් කර නොගන්නා නමුත් බුද්ධි අංශ නියත වශයෙන්ම උන්වහන්සේගෙන් ඒ පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගනු ඇති බවකි.

එහිදී උන්වහන්සේ ලබා දෙන තොරතුරු අනුව තර්ජනයක් ඇත්නම් පමණක් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය ක්‍රියාත්මක වන බවද අල්විස් මහතා සදහන් කොට ඇත.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad