පාස්කු දින ප්‍රහාරයේ මහමොළකරු හොයන විදිය දයාසිරි හෙළිකරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

පාස්කු දින ප්‍රහාරයේ මහමොළකරු හොයන විදිය දයාසිරි හෙළිකරයි - (video)

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ දුරකථනයේ මව් පුවරුව (Mother Board) ඇත්තේ කා සතුවද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඉකුත්දා කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ප්‍රහාරයෙන් පසුව විදෙස් බුද්ධි කණ්ඩායමක් දුරකථනයේ මව් පුවරුව ලබා ගත් බවයි.

2019 පාස්කු ප්‍රහාරය පිළිබඳව එම මව් පුවරුවේ අවශ්‍ය සියළුම තොරතුරු ඇති බවත් ත්‍රස්ත ප්රහාර පිටුපස සිටි දේශපාලනඥයින් හා අනෙකුත් පුද්ගලයින් හඳුනා ගැනීමට ද එ‍යින් හැකි වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad