ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් නොව විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කල පාරවල් ද සංවර්ධනය කරනවා - මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 6, 2021

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් නොව විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කල පාරවල් ද සංවර්ධනය කරනවා - මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ පරිදි ප්‍රමුඛතා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මගින් මගින් කෘෂිකර්මාන්තය සිදු කරන ප්‍රදේශ වල සංවර්ධනය කළ යුතු යැයි හඳුනාගත් මාර්ග සියල්ල කඩිනමින් සංවර්ධනය කිරීමට අමාත්‍යාංශයේ ලේකම්තුමාට තමන් උපදෙස් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මෙම ප්‍රදේශය වල ඇති මාර්ග සංවර්ධන කිරීම තුලින් ගොවි ජනතාවට තමන්ගේ කෘෂි නිෂ්පාදනය  ප්‍රමාදයකින් තොරව ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන යාමට හැකි බවත් එයින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කලහැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල පාසැල් වලට ප්‍රවිශ්ඨ වන ප්‍රවේශ මාර්ග සියල්ලද  ග්‍රාමීය රෝහල් වලට ප්‍රවිශ්ඨ වන ප්‍රවේශ මාර්ග සියල්ලටද ප්‍රමුඛත්වය ලබාදී සංවර්ධනය කරන බව අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් විසින් ඔවුන්ගේ ප්‍රදේශ වල සංවර්ධනය කලයුතු බවට යෝජනා කල මාර්ග සියල්ලද මෙම ප්‍රමුඛතා මාර්ග සංවර්ධන ව්‍යාපෘති මගින් සංවර්ධන කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad