ඉන්ධන මිල වැඩි කිරීමට CEYPETCO අවසර ඉල්ලයි - මිල ගණන් මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 8, 2022

ඉන්ධන මිල වැඩි කිරීමට CEYPETCO අවසර ඉල්ලයි - මිල ගණන් මෙන්න

ඉන්ධන මිල වැඩි කිරීමට CEYPETCO  අවසර ඉල්ලයි - මිල ගණන් මෙන්න

ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද රජයෙන් ඉල්ලීමක් කළ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

අද (8) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීම කළ බව ය.

පසුගිය මාසයේ බොරතෙල් මිල අනුව සංස්ථාව ඩීමල් ලීටරයකින් රුපියල් 32.50ක් හා පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් පහකට ආසන්න අලාභයක් ලබන බවද ඔහු පැවසීය.
මේ පිලිබදව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඔහු ද සඳහන් කළේ ඉන්දීය තෙල් සමාගම සිය මිල වැඩි කිරීම හේතුවෙන් ඉන්ධන මිල ගැන තින්දුවක් ගැනිමට තෙල් සංස්ථාවට ද සිදු විය හැකි බවයි.

නමුත් රජයක් ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් සාකච්ඡා නොකළ බව ද හෙතෙම පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad