එන ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා මෛත‍්‍රී…? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 5, 2022

එන ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා මෛත‍්‍රී…?

ඊළඟ ජනාධිපතිවරනයේදී සමගි ජන බල වේගයෙන් තරග කරන්නේ කවුදැයි සොයා ගත නොහැකි තරමට එම පක්ෂය අවුල් වී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ගම්පොල කාන්තා බලමණ්ඩලය අමතමිනි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය ඉදිරියේ දී නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ වන විට පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

ඉදිරියේ පවත්වන මැතිවරණ වලට එම නව සන්ධානයෙන් තරඟ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුව නැති බවත් බවත් ආණ්ඩුවෙන් ඉවත් වීමට ද සූදානමක්ද නැති බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad