එජාප මහලේකම් රංගෙ බණ්ඩාරගේ පුත්තලමේ කුජීත වැඩක් වෙලා! වෙන්නප්පුව නාමයෝජනා පත්‍රය සිරිකොතේ තාප්පයක් උඩ තියලා ගිහින්! නාමයෝජනා නෑ! තරග කරන්න හිටපු අපේක්ෂකයන්ට යකා නැගලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 22, 2023

එජාප මහලේකම් රංගෙ බණ්ඩාරගේ පුත්තලමේ කුජීත වැඩක් වෙලා! වෙන්නප්පුව නාමයෝජනා පත්‍රය සිරිකොතේ තාප්පයක් උඩ තියලා ගිහින්! නාමයෝජනා නෑ! තරග කරන්න හිටපු අපේක්ෂකයන්ට යකා නැගලා!

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිම සදහා සැකසු අපෙක්ෂක නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙ අමතක වී පැමිනීමෙන් අදාල නාම යෝජනා භාර දීමට හැකි වි නැති බව කියයි.

ඒ හේතුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවර්ණයෙදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට අවස්ථාව අහිමි වි තිබේ.

නාම යෝජනා භාර ගැනිම අවසන් වු 21 දිනයෙ මෙම නාම යෝජනාව භාර දීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට වෙන්නප්පුව ආසන සංවිධායක සරත් බරන්පොල මහතා පැමිණි විට එය එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයෙ අමතක වී ඇති බව තහවුරු වීය.

කෙසේ වෙතත් මෙම නාම යෝජනා අමතක වී තිබිම ගැන එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසල රැදි සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිමට සුදානමින් සිටි එජාප අපෙක්ෂකයින් පිරිසක් සරත් බරන්පොල මහතාට බැන බදිමින් උණුසුම් තත්වයක් ඇතිවිය.

දැන ගැනිමට හැකිවුයේ මෙම නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් එළියට රැගෙන ආ නමුත් එහි තාප්පයක් මත තබා කිසියම් කටයුත්තක නිරත වී ඇති බවත් පසුව එය ලබා ගැනිමට අමතක වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබදව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතාට අවස්ථා කිපයක් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද එය ක්‍රියාත්මක නොවිම හේතුවෙන් අදාල පිළිතුර ලබා ගැනිමට නොහැකි විනි. -ලංකාදීප

No comments:

Post a Comment

Post Bottom Ad