ජනක රත්නායක PUCSL සභාපති ධුරයෙන් ඉවතට… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 22, 2023

ජනක රත්නායක PUCSL සභාපති ධුරයෙන් ඉවතට…

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව සූදානම් වෙයි. ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ඒ සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විදුලි ගාස්තු සංශෝධනයට උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉඩ නොදෙන බව මන්ත්‍රී කණ්ඩායමට පෙන්වා දී ඇත.

විදුලි ගාස්තු සංශෝධන සිදු කරන්නේ නම් දිනකට පැය පහ ඉක්මවූ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවද විදුලි බල ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති විදුලි කප්පාදුව දීර්ඝ නොකළ යුතු බවත් උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විදුලි ගාස්තු සංශෝධනය ඉඩ නොදෙන්නේ නම් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇති බවත්ය.

ඒ අනුව ඊට අදාල යෝජනාවක් කෙටුම්පත් කිරීමට එහිදී එකගතාවට පැමිණ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad