ඡන්දය කල් දමන්න ජනාධිපති රනිල් හා අනුර අතර රහස් සාකච්චාවක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 17, 2023

ඡන්දය කල් දමන්න ජනාධිපති රනිල් හා අනුර අතර රහස් සාකච්චාවක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡාවක් පැවැත්වී ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් රහසිගත මූලාශ‍්‍රයක් ඔස්සේ තොරතුරු තමන්ට ලැබුණු බවද හෙතෙම පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණට මුලින් පැවති ජනතා රැල්ල අද වන විට බිමටම වැටී ඇති නිසා පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා ඔවුන් සාකච්ඡා කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මැතිවරණයෙන් ඔවුන්ගේ සැබෑ නිරුවත හෙළි වන බව දැනගෙන මෙම මැතිවරණය කල් දැමීමට ඔවුන් උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.

නමුත් එම උත්සාහයන්ට ඉඩ නොදෙන බවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරදීමට කැපවන බවත් ඔහු අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරව ලද්දේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad