Employees on unpaid leave - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 16, 2023

Employees on unpaid leave

මාර්තු 09 වැනිදාට දින නියම කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය මත අපේක්ෂකයන් රැසකගේ රැකියා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ.

පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන් 3000 කට අධික පිරිසක් වැටුප් රහිත නිවාඩු දමා ඉදිරිපත් වී සිටිති.

වැටුප් රහිතව නිවාඩු ලබා සිටි නිසා මැතිවරණය තවත් මාස ගණනාවකින් කල් ගියොත් දරු පවුල් ජීවත් කරවීම පවා අසීරු වන බව ඔවුන් සඳහන් කරති.

මේ පිළිබඳව එම අපේක්ෂකයන් කිහිප දෙනෙකුම මැතිවරණ කොමිෂන් සභාවට ලිපි මගින් දැනුවත් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad