මැතිවරණය කල් දමයි... ජනාධිපතිගේ රාජසන කතාවෙන් යොජනා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 5, 2023

මැතිවරණය කල් දමයි... ජනාධිපතිගේ රාජසන කතාවෙන් යොජනා කරයි

පළාත්පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩු යම්කිසි ක්‍රියාවලියක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව අටවැනි දා පාර්ලිමේන්තු සැසිවාරය යළි කැඳවීමේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන රාජාසන කතාවට මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බවද හෙතෙම පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ 8 වැනිදා එවන් යෝජනාවක් පාර්ලිමේන්තු රැගෙන ඒමේ සූදානමක් නැති බවයි.

නමුත් මේ මොහොතේ මුදල් වියදම් කිරීම ඉතා සීමා සහිතව කරන බවද පැවසූ ඔහු එ් අනුව පවතින සැබෑ ආර්ථික තත්වය අධිකරණයට පැවසීම අමාත්‍යාංශයේ යුතුකම බව ද පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad