පොහොට්ටුවේ ගේමක් හෙළිවෙයි! ජාතික සංවිධායක බැසිල් නොවේ! මැ.කොට දුන් ලේඛනවල ඇති නම මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 1, 2023

පොහොට්ටුවේ ගේමක් හෙළිවෙයි! ජාතික සංවිධායක බැසිල් නොවේ! මැ.කොට දුන් ලේඛනවල ඇති නම මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ජාතික සංවිධායක ලෙස නම් කර ඇත්තේ සපුමල් වලව්වත්ත නැමැත්තෙකු බවත් මැතිවරණ කොමිසමේ ඇති ලිපි ලේඛන වල පවා ඇත්තේ එම පුද්ගලයාගේ නම බවත් ඔහු අනාවරණය කළා.

පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් මහතා දිගින් දිගටම රටට බොරු කරමින් සිටින බවත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති පක්ෂ ව්‍යවස්ථාව සහ මැතිවරණ කොමිසමට ලබාදී ඇති පක්ෂ ව්‍යවස්ථාව වෙනස් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැට්ටවීමට කටයුතු කළේ සාගර කාරියවසම් බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ලිපියක් යොමුකර ඔහු එම කාර්යයට දායක වූ බවත් ඔහු පොදුජන පෙරමුණ තනිව පාලනය කරන තත්වයට පත්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.


No comments:

Post a Comment

Post Bottom Ad