ජාතික ආණ්ඩු යෝජනාව ජනාධිපති 25 ගේනවා... මා හකීම් සමග තීරණයක් ගන්නවා - මනෝ ගනේෂන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 18, 2023

ජාතික ආණ්ඩු යෝජනාව ජනාධිපති 25 ගේනවා... මා හකීම් සමග තීරණයක් ගන්නවා - මනෝ ගනේෂන්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව එළැඹෙන 25 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබාගැනීමට ඇති කරගත් කොන්දේසි හා ගිවිසුම එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහිදී තමන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් එම ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයිද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad