මුදිතාට කන් නොදුන් රත්නපුර DIG මාරු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 19, 2023

මුදිතාට කන් නොදුන් රත්නපුර DIG මාරු කරයි

රත්නපුර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ බස්නාහිර පළාතේ රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

බස්නාහිර රථවාහන දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති යූ.පී.ඒ.කේ.පී. කරුණානායක රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.

පසුගිය මාර්තු මස රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා විසින් පොලිස් සැරයන්වරයකුගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ලබාදුන් දුරකථන ඇමැතුමකට සවන් දීමක් නොකළ නිසා ඇය අපහසුතාවට පත්වූ බව පවසමින් රත්නපුර දිසාවෙන් වෙනත් ස්ථානයකට ස්ථාන මාරු කරන ලෙසටද ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක්ද සිදුකර තිබිණි.

ඒ අනුව ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක විසින් එම ලිපියෙහි අඩංගු කරුණු සම්බන්ධව අවධානය යොමුකරන ලෙසටද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හට ලිඛිතව දන්වා තිබිණි.

– අරුණ පුවත්පතිනි


No comments:

Post a Comment

Post Bottom Ad