මැති ඇමති හිතවතුනට අධිවේගයේ බස් බලපත‍්‍ර - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 23, 2023

මැති ඇමති හිතවතුනට අධිවේගයේ බස් බලපත‍්‍ර

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ හිතවත්කම් මත අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා නව මාර්ග බලපත්‍ර බාදී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පසුගිය දින කිහිපය තුල පමණක් තාවකාලික පදනම මත බස් රථ 35ක් සඳහා අධිවේගී මාර්ග සදහා බලපත්‍ර ලබාදී ඇතැයි සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මෙසේ මාර්ග බලපත්‍ර ලබාදීමේ දී කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු වන බවද හෙතෙම කියා සිටියි.

නිසිපරිදි ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම බලපත්‍ර ලබාදී ඇති බවත් එමගින් රුපියල් කෝටි ගණනක පාඩුවක් රජයට සිදුවන බවත් හෙතෙම තවදුරටත් සදහන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad