රිලවුව් චීනයට යැවීමට මං විරුද්දයි... පරීක්‍ෂණාගාරවල වධ හිංසා කරනවා - නවීන් දිසානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 19, 2023

රිලවුව් චීනයට යැවීමට මං විරුද්දයි... පරීක්‍ෂණාගාරවල වධ හිංසා කරනවා - නවීන් දිසානායක

රිලවුන් චීනයට යැවීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කරයි. චීනයේ රසායනාගාර තුළ මෙම සතුවට වධ හිංසා පැමිණවීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් ඒ මහතා පැවසීය.

හිටපු වනජීවී අමාත්‍යවරයා ලෙස තමන් මෙම ක්‍රියාවට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් මෙය පිළිකුල් සහගත ක්‍රියාවක් වන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියි.

සත්ව උද්‍යාන අතර හුවමාරු වැඩසටහන් සඳහා පමණක් මිස මහා පරිමාණ වශයෙන් සතුන් අපනයනය නොකළ යුතු බවත් එසේ නීති රීති පවා ශ්‍රී ලංකාවේ නැති බවත් දිසානායක මහතා අවධාරණය කරයි.

සත්වයන්ට ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වල සැරි සැරීමට පූර්ණ අයිතියක් ඇති බව ඔහු තව දුරටත් කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad