නව ත‍්‍රස්ත මර්ධන පනතින් රාජපක්‍ෂ පවුලම හිරේ දාන්න ජනපතිට පුළුවන්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 18, 2023

නව ත‍්‍රස්ත මර්ධන පනතින් රාජපක්‍ෂ පවුලම හිරේ දාන්න ජනපතිට පුළුවන්…

රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත සම්මත වුවහොත් රාජපක්ෂ පවුලම වුවත් හිරගෙදරට යැවිය හැකි වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ‍්‍රීධරන් මහතා සඳහන් කරයි. මෙම පනත සම්මත වුවහොත් ජනතාවට තම අයිතීන් වෙනුවෙන් හන්දියක කතා කිරීමට වත් නොහැකි වනු ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මෙම පනත් කෙටුම්පත හාරා වත්මන් ජනාධිපතිවරයාට ඉතා විශාල බලයක් ලැබෙන බව පැවසූ ඔහු ඇමරිකාවේ ජපානෙ හෝ වෙනත් රටවල ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවෙන් ඇති පනත්වලට වඩා දරුණු පනතක් බවද පැවසීය.

මෙම පනත හරහා වැඩිම අසාධාරණයක් වන්නේ දෙමළ ජනතාවට බවත් යෝජිත පනත මගින් ආරක්ෂක අංශවල තවතවත් වැඩි බලතල හිමි වනු ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

යාපනයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad