පක්ෂ දේශපාලනයට කලින් ජනතාව ගැන හිතන්න ඕන – රාජිත (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 18, 2023

පක්ෂ දේශපාලනයට කලින් ජනතාව ගැන හිතන්න ඕන – රාජිත (VIDEO)

IMF අනුමැතිය හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවට සහය වීමට ජාත්‍යන්තර සංවිධාන,රටවල් වෙත අවස්ථාව ලැබී තිබෙන බවත් මෙය එම සීමාවට ලඝු නොවන බවත් ප්‍රතිව්‍යුගත කිරීම ඇතුළු කාරණා සමඟ අලුත් රටක් බවට පත්විය යුතු වන බවයි සේනාරත්න මහතා සඳහන් කළේ.

මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් යෝජනාවක් ඇත්නම් ඊට එකඟ විය යුතුවන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

”2007 දීත් මම මේ කතාව කියද්දී එදා එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිත් අය විරුද්ධ වුණා. අන්තිමට එදා අපි ආණ්ඩුවකට එක්කහු වුණා. එහෙම එක්කහු වෙලා රට බේර ගත්තා. ඒ කීර්ති නාමය අපිට මරණය තෙක් මෙන්ම මරණයෙන් පසුවත් ලැබෙනවා මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරලා රට කැඩීමෙන් නිදහස් කරගත්ත කණ්ඩායම ලෙස.මම එදා වගේම අදත් කියනවා එදා ආයුධ වලින් ඇතිවෙලා තිබුණ අර්බුදය අද මුදල් වලින් ඇතිවෙලා තිබෙනවා. මේ වෙලාවේ අපි පක්ෂ දේශපාලනය නෙවෙයි ගන්න ඕනේ රටේ දේශපාලනය. ජනතාවගේ දේශපාලනය. අපි දේශපාලනයට ඇවිත් තියෙන්නේ පක්ෂ දේශපාලනය කරන්න නෙවෙයි රටේ ජනතාවට හොඳ හෙට දවසක් බිහිකරන්න. එය තවමත් කරන්න බැරිවෙලා තියෙනවා. ඉතිරි කාල පරිච්ජේදයේදීවත් මෙය කළ යුතුයි කියන දැඩි මතයක අපි ඉන්නවා.” යනුවෙන් සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියි.

-ආශිකා බ්‍රාහ්මණ

No comments:

Post a Comment

Post Bottom Ad