මංජු කැදවීමට මගහරී... CID ඔහු පසුපස... ධනස්කන්ධය ගැන පරීක්‍ෂණ... ගෝටාගෝගමටත් මුදල් පොම්ප කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 8, 2023

මංජු කැදවීමට මගහරී... CID ඔහු පසුපස... ධනස්කන්ධය ගැන පරීක්‍ෂණ... ගෝටාගෝගමටත් මුදල් පොම්ප කරලා

ගෝලීය ශ්‍රී ලංකා කොංග‍්‍රසයේ නායක මංජු නිස්සංක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 
මෙම විමර්ශනයේදී එක්ස්ප‍්‍රස් පර්ල් නෞකා අනතුරෙන් පසු අනතුරේ වන්දියට අදාළව සිදු වූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැනද අවධානය යොමු කර ඇත.

ඊට හේතු වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් කර ඇති පැමිණිලි සැලකිල්ලට ගැනීමයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මංජු නිස්සංක පසුගිය හත්වැනි දා කැඳවා තිබුනද ඔහු එදින එහි පෙනී සිටියේ නැත.

ඒ ගැන පොලිස් නිලධාරීන්ට ඔහු පවසා ඇත්තේ එම කැඳවීම තමන්ට නොලැබුණ බවයි.

ඒ අනුව ලබන සතියේ නැවත ඔහුට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ගාළු මුවදොර අරගලය පැවති දිනවලදී මෙම පුද්ගලයා ඒ ආසන්න සුඛෝපභෝගී හෝටලයක රැඳී සිටිමින් අරගල කරුවන්ට අරමුදල් සපයා දී ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් ඔහු එසේ වැය කිරීමට මුදල් උපයා ගන්නා ආකාරය සොයා බැලීමට ද නියමිතව තිබේ.

ඔහුට ඔහුගේ වත්කම් හා ඔහුට ලැබෙන ආදායම් මාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කර විමර්ශන පැවැත්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad