ඛනිජ තෙල් සංස්ථාවට සුපිරි නීතියක්ද? පාඩු ලබද්දිත් 60 පැන්න නිලධාරීන් පිරිසකට සේවා දිගු දෙන්න නිර්දේශ කරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 14, 2023

ඛනිජ තෙල් සංස්ථාවට සුපිරි නීතියක්ද? පාඩු ලබද්දිත් 60 පැන්න නිලධාරීන් පිරිසකට සේවා දිගු දෙන්න නිර්දේශ කරලා!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන තත්වයක තිබියදී වයස 60 ඉක්මවූ නිලධාරීන් පිරිසකට සේවා දිගු පිරිනැමීමට නිර්දේශ කර ඇතැයි එම සංස්ථාවේ සේවකයෝ පවසති.

සේවා දිගු සඳහා නිර්දේශ මේ වන විට බලශක්ති අමාත්‍යවරයාට යොමු කර ඇති බවත් සේවා දිගු ලැබීමට නිර්දේශ වී සිටින පිරිස එම සංස්ථාවේ උසස් නිලධාරීන්ගේ හිතවතුන් බවත් සේවකයෝ කියති.
 
ඉන්ධන පිරවුම්හල් 450 ක් විදේශ සමාගම්වලට දී ඇති තත්වයක් තුළ සේවකයන් අඩු කළ යුතු බව කියන එහි සේවකයෝ විශ්‍රාම යා යුතු පිරිස තබාගැනීම ආයතනයට අමතර බරක් බව ද සඳහන් කරයි.
 
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක්ගෙන් මෙම සේවා දිගු පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ රජය නව බඳවාගැනීම් නවතා තිබීම නිසා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට පළපුරුදු සේවකයන්ගේ සේවය දීර්ඝ කිරීමට නිර්දේශ කර ඇති බවයි.
 
අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට සේවා දිගු දීමට අවශ්‍ය ආයතනවල අවසර ගැනීමට මේ වන විට ඉල්ලීම් කර ඇති බවත් ඒ සඳහා එම ආයතනවලින් මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad