පොහොට්ටු ක්‍රිකට් තරගයට ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු ප්‍රධානියෙක් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට යන්න එපා කියලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 14, 2023

පොහොට්ටු ක්‍රිකට් තරගයට ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු ප්‍රධානියෙක් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට යන්න එපා කියලා!

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවත්වෙන මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගයට සහභාගී නොවන ලෙසට ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු ප්‍රබලයෙක්  විසින් ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රීවරුන් වෙත බලපෑම් කර ඇතැයි පොදුජන පෙරමුණු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු  පාර්ලිමේන්තු   මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මේ බලපෑම කර ඇතැයි එම මන්ත්‍රීවරුන් පොහොට්ටු ප්‍රධානීන්ට පවසා   ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
 
කෙසේ නමුත් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන   ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මෙම තරගය සඳහා සහභාගී වී ඇත.    මන්ත්‍රීවරුන් තිදෙනෙකු කලින් යොදාගත් රාජකාරී නිසා පැමිණීමට නොහැකි බව කලින් දන්වා ඇතැයි ද දැනගන්නට තිබේ.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරඟාවලිය’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (12)  නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 60කට අධික පිරිසක්  සහභාගීත්වයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

lankasara


No comments:

Post a Comment

Post Bottom Ad