එන්නතෙන් පසු රෝගියා සෙම දාගෙන මිය යයි – සෙෆ්ටාසිඩීම් එන්නත ගම්පහ රෝහලේ අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 13, 2023

එන්නතෙන් පසු රෝගියා සෙම දාගෙන මිය යයි – සෙෆ්ටාසිඩීම් එන්නත ගම්පහ රෝහලේ අත්හිටුවයි

එන්නතක් විස වීම හේතුවෙන් ගම්පහ රෝහලේදී මරණයට පත් වූයේ යැයි කියන රෝගියා පිළිබඳ අද (14) සිදු කරන පරීක්ෂණයෙන් පසුව සෙෆ්ටාසිඩීම් එන්නත රට පුරා රජයේ රෝහල්වලින් ඉවත් කරන්නේ ද, නැතිද යන්න තීරණය කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඊයේ (13) පැවසුවේය.

මෙම සිද්ධියෙන් පසුව ගම්පහ රෝහලේ තිබූ එන්නත් තාවකාලිකව නතර කළ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි රෝගියකු සෙෆ්ටාසිඩීම් (ceftazidime) එන්නත ලබා දී මිනිත්තු 5කට පසු ඇද වැටී ඇති අතර පසුව රෝගියා මිය ගොස් ඇති බවට වාර්තා වේ.

මෙම රෝගියාට එම එන්නතෙහිම මාත්‍රා දහයක් ලබා දී ඇති අතර සංකූලතා වාර්තා වී ඇත්තේ 11 වැනි මාත්‍රාව ලබාදීමේදීය.

ඒ අනුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි එම ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය තාවකාලිකව රෝහල තුළ අත්හිටුවා ඇත.

දිනමිණ


No comments:

Post a Comment

Post Bottom Ad