වාරිකය කෝටි දෙකත් පනී... ජනපති කාර්යාලයේ ආරක්‍ෂිත වාහන 28 ක් රක්ෂණය කර නෑ - විගණන වාර්තාවක් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 20, 2023

වාරිකය කෝටි දෙකත් පනී... ජනපති කාර්යාලයේ ආරක්‍ෂිත වාහන 28 ක් රක්ෂණය කර නෑ - විගණන වාර්තාවක් කියයි

ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නැතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

එම වාහන අතරින් වාහන 13ක් අධි ආරක්ෂක රථ බවද එයින් එක් වාහනයක වටිනාකම රුපියල් කෝටි 25ත් 30ත් අතර වන බවද එම වාර්තාවේ සඳහන්.

එම විගණන වාර්තාවට අනුව අදාල අධිආරක්ෂිත හා අනුරූප රථවල වටිනාකම අධික වීම නිසා රක්ෂණය වෙනුවෙන් වාර්ෂිකව එක් වාහනයක් වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බවද දැනගන්නට ඇත.

එම අධික පිරිවැය සළකා රක්ෂණය කර නැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණන්දීමේ නිලධාරී විසින් විගණකාධිපති වෙත දැනුම් දී තිබෙන බවද වාර්තාවේ සඳහන්.

රටේ පවතින නීතිරීතිවලට අනුව කටයුතු නොකරන්නේ නම් එම අවශ්‍යතා සැපිරීමට විකල්ප ප්‍රතිපත්තිමය තීරණ හඳුන්වා දිය යුතු බවද එහෙත් එසේ සිදුකර නොමැති බවද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී තිබෙනවා.

දේශපාලන වාර්තාකරු


No comments:

Post a Comment

Post Bottom Ad