දයාසිරි පන්නන්න රුපියල් ලක්ෂ 50 ක ඔට්ටුවක් ඇල්ලු ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රී කවුද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2023

දයාසිරි පන්නන්න රුපියල් ලක්ෂ 50 ක ඔට්ටුවක් ඇල්ලු ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රී කවුද?

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරින් ඉවත් කළ දිනට පෙර දින රාත්‍රියේ දී ආණ්ඩු පක්ෂය සමග කටයුතු කරන එක්තරා මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂ 50 ක ඔට්ටුවක් අල්ලා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ එක්තරා මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුව දැනුවත් කර ඇති බව ත් ඔහු සමග ඔට්ටුව ඇල්ලූ අනෙක් පාර්ශවය පරාද වී ඇති බව ත් සඳහන්.

පක්ෂයක තනතුරක් වෙනුවෙන් අල්ලන ලද ඉහළම ඔට්ටු මුදල මෙය බවත් දයාසිරි ජයසේකර එම තනතුරින් සැප්තැම්බර් 5 වන දා ඉවත් කරනු ඇතැයි අනාවැකි පළ කරමින් අදාළ මන්ත්‍රීවරයා මේ ඔට්ටුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේදී පිරිස දැනුවත් කර ඇතැයි වාර්තාවේ.

තමාව පක්ෂයෙන් ඉවත් කරන්න පෙර දිනයේ (සැප්. 4) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගිය මන්ත්‍රීවරුන් අතර තවත් ලක්ෂ 50ක ඔට්ටුවක් තබා ඇති බව ද ඉරිදා පුවත්පතක් සමග පැවති දේශපාලන සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා තිබෙනවා.

ඔට්ටුව අල්ලන ලද මන්ත්‍රීවරයා පළ කළ අනාවැකිය සත්‍ය වී ඇති බව ත් ඒ අනුව ඔහු සන්තකයේ මේ වන විට ලක්ෂ 100ක මුදලක් තිබෙන බවත් ජයසේකර මහතා පවසා තිබෙනවා.

දේශපාලන වාර්තාකරු


No comments:

Post a Comment

Post Bottom Ad