තරගය ඉවරයි?: සිනොපෙක් මිලත් සිපෙට්කෝ මිල ම වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 31, 2023

තරගය ඉවරයි?: සිනොපෙක් මිලත් සිපෙට්කෝ මිල ම වෙයි!

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ ඉන්ධන මිල ගණන් සංශෝධනයට සාපේක්ෂව සිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් අඩු වී රුපියල් 356ක් ලෙස මිල වෙනස් කර තිබෙනවා.

ඊට අමතරව එම සමාගම සිය ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 423ක් දක්වා මිල ඉහළ දමා තිබෙනවා.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 356.00ක් දක්වා ඉහළ දමා ඇති එම සමාගම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 431ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළ අතර, එහි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 356ක් දක්වා රුපියල් 09කින් අඩු කරනු ලැබුවා.

එසේ ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දැමූ ඛනිජතෙල් සංථාව එහි වත්මන් මිල ලෙස දැක්වූයේ රුපියල් 423ක්.

මේ අතර රුපියල් 356ක් දක්වා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමටයි කටයුතු කළ ලංකා ඛනිජතෙල් සංස්ථාව සිය සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කළේ, එහි වත්මන් මිල රුපියල් 431ක් ලෙස වැඩි කරමින්.

තව ද ලංකා ඛනිජතෙල් සංස්ථාව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 249ක්.


No comments:

Post a Comment

Post Bottom Ad