නීති හදන තැන තරුණ කතුන්ට අතවර කළ අය ‍ ගැන පැමිණිල්ල පොලිසියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 31, 2023

නීති හදන තැන තරුණ කතුන්ට අතවර කළ අය ‍ ගැන පැමිණිල්ල පොලිසියට

පාර්ලිමේන්තුවේ සේවය කරන තරුණ කාන්තාවන් 15 දෙනකුට පමණ විවිධ ලිංගික අඩත්තේට්ටම් කළ බවට චෝදනා ලත් මැතිසබයේ සේවකයන් දෙදෙනකු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත අදාළ ඉදිරි පියවර ගැනීමට පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දී ඇති උපදෙසෙහි සඳහන් වන්නේ මෙය අපරාධමය වරදක ස්වභාවය ගත් සිදුවීමක් නිසා ඊට අදාළව පියවර ගැනීමට පොලිසියට පැමිණිලි කළ යුතු බවයි.

ඒ අනුව මෙහි පැමිණිල්ල පොලිසියට සිදු කර ඇතැයි වාර්තා වේ.

විනය පරීක්ෂණයකින් පසුව දැනටමත් මෙම චූදිත මැතිසබා සේවකයන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad