ජනාධිපති රනිල් ගැන වුණත් විශ්වාසයක් තියන්න අමාරුයි – කලකට පසු කරළියට ආ රන්ජන් කියන කතාව (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 2, 2023

ජනාධිපති රනිල් ගැන වුණත් විශ්වාසයක් තියන්න අමාරුයි – කලකට පසු කරළියට ආ රන්ජන් කියන කතාව (VIDEO)

තමන් වෙත භාග නිදහසක් හෝ ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වුවද ඔහු රටේ දූෂණය නැති කරනු ඇති බවට විශ්වාසය තැබිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පළකළේ පෙරේදා (01) පැමිණිල්ලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ක්‍රිකට් ප්‍රශ්නයේදී වුවත් ජනාධිපතිවරයා ගනු ලැබුවේ ජනතාවගේ පැත්ත නොවන බවයි රාමනායක මහතා කියා සිටින්නේ.

එසේ සිදුවූයේ ජනාධිපතිවරයා පත්වූයේ දූෂිත කණ්ඩායමක් මතින් වීම නිසා බවයි ඔහු පවසන්නේ.

ක්‍රිකට් ගැන මුලින්ම කතා කළේ තමන් විසින් බවත් මේ මොහොතේ ක්‍රීඩා ඇමතිවරයාව කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා ඉවත් කර සිදුකළේ පණිවිඩකරුවාට වෙඩි තැබීම බවද රාමනායක මහතා කියා සිටියි.

රටට දැක්මක් සහිත නායකයෙක් පත්නොවුණු බවත් එන තරමක් නායකයින් ලෙස පැමිණියේ හොරු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad