ශ්‍රී ලංකාවේ සංවිධානය කර තිබූ ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීමට මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතික ළමයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ක්‍රීඩකයන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ ඇති අතර මොවුන් පමුණුගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. ඊයේ පස්වරුවේ ක්‍රීඩකයින් 04 දෙනෙකු එම හෝටලයේ පිහිණුම් තටාකයේ පිහිනීමට ගොස් ඇති අතර එහිදී එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පදිංචි 12 හැවිරිදි ළමයෙක් බව සඳහන්. මෘත ශරීරය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Tuesday, September 5, 2017

ක්රිකට් තරගාවලියකට මෙරටට පැමිණි ඉන්දීය ක‍්‍රීඩකයකු දියේ ගිලී මරුට
Tags
# ආරක්ෂක
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක
Labels:
ආරක්ෂක
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment